සයිබර් සංස්කෘතිය සහ සයිබර් අවකාශය
අපි අන්තර්ජාලය කොතරම් භාවිතා කරනවද?මේ අන්තර්ජාලය ඉතා කෙටි කාලයක් තුළ නිර්මාණය
වෙලා අද වෙනකොට මුළු ලෝකය පුරාම තමන්ගේ අණසක පතුරාගෙන අවසන්....දිනෙන් දින තාක්ෂණය
සමග අත්වැල් බැඳගන්න ලෝකයක ඒ පිළිබඳ විෂය පථයක් පවා නිර්මාණය වෙලා.නමුත් කොතරම්
අන්තර්ජාලය හා සම්බන්ධ වුවත් ගොඩක් දෙනෙක් මේ අන්තර්ජාලය පිළිබඳ අවබෝධයෙන්
තොරයි.විශේෂයෙන් ම ලංකාව වගේ රටක ඒ අනවබෝධය නිසා ම වෙන ප්‍රශ්න වැඩි වෙලා.ලෝකය
පුරා සිදු කෙරෙන සමීක්ෂණවලින් කියවෙන ආකාරයට අපේ මේ බෞද්ධ රට අන්තර්ජාල භාවිතය තුළින් නරක නාමයක්
ලබා ගෙන තියෙන්නෙ ඒ නිසා.නමුත් අපිට මේ පිළිබඳ මනා අවබෝධයක් අවශ්‍යයයි.අන්තර්ජාලය
කියන්නෙ මොකක්ද?මෙය නිවැරදි ව භාවිතා
කරන්නෙ කොහොමද? ඉතින් ඒ පිළිබඳ ව දැනුවත්
කරන විෂය පථය තමයි සයිබර් සංස්කෘතිය කියන්නෙ.ආරම්භයක් ලෙස සිංහල භාෂාවෙන් සයිබර්
සංස්කෘතිය සහ සයිබර් අවකාශය යනු කුමක්ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡාවට ලක් කරනු
ලබනවා.
cyber culture සහ cyber space යනු විවිධ උපාංග සමග සංයෝජනය කිරීමෙන් වැඩි
දියුණු කරන ලද සන්නිවේදන වර්ග සහ අන්තර්ගතයන් පමණක් නොව පරිශීලකයන් /නිෂ්පාදකයන් විසින් ගොඩනගන ලද
වටිනාකම්වලින් ආවරණය කරන ලද්දකි.නමුත් cyber යනුවෙන් හැඳින්වෙන්නේ නියාමනය කිරීම හෝ පාලනය කිරීම යන්නයි.මෙම
වචනය 1948 දී නෝර්මාන් වයිනර් විසින් නිර්වචනය කරන ලද cybernetics යන වදනින් බිඳී පැමිණි අතර එහි අර්ථය සත්ත්ව හා යන්ත්‍ර
පාලනය හා සන්නිවේදනය පිළිබඳ විද්‍යාවයි.cyber space අන්තර්ජාලයේ සැකිල්ල නව සන්නිවේදන මාධ්‍යය එහි යටිතල පහසුකම්වලින්
සමාජ භාවිතයෙන් සමන්විත වන අතර cyber culture සමාජ ආකල්ප,චින්තනය,හා සාරධර්ම සමූහය ආරක්ෂා
කරනු ලබයි.මෙම සංකල්ප අතර අන්තර් සම්බන්ධතාවය තබා ගැනීමෙන් තාක්ෂණය හා සංස්කෘතිය
අතර අන්තර් ක්‍රියා පැහැදිළි ව හඳුනා ගත හැකි ය.
cyber space යන පදය විලියම් ගිබ්සන් විසින් ඔහුගේ Neuramancer කෘතිය තුළින් හඳුන්වා දෙන
ලද පදයකි.එහි අර්ථය ඔහු දක්වා ඇත්තේ මිනිසාගේ පද්ධතියේ සෑම පරිගණකයක ම බැංකුවලින්
උපුටා ගන්නා ලද දත්ත නිරූපණය කිරීමක් ලෙසයි.පරිගණකයේ ගෝලීය අන්තර් සම්බන්ධය නිසා
ඇති වූ සන්නිවේදනය නව සන්නිවේදන මාධ්‍යයන් වෙත යොමු කරමින් පරිගණක පද්ධති මගින්
නිර්මාණය කර ඇති ක්ෂේත්‍රය සහ එහි සැරිසැරීමට එම නිෂපාදකයින් විසින් අවකාශය සලසා
ඇත.
වර්තමානය වන ලොව විශාල පිරිසක් දිනපතා
අන්තර්ජාලය හා සම්බන්ධ වේ.සංඛ්‍යා ලේඛනවලට අනුව 2000 වර්ෂයේ සිට අන්තර්ජාල පරිශීලකයන්ගේ සංඛ්‍යාව 444.8% දක්වා වර්ධනය වී ඇත.ඉන් ද 2017 දත්ත වාර්ථාවන්ට අනුව ලොව අනෙක් රටවල් අභිබවා
ආසියාව අන්තර්ජාල පරිශිීලනයේ ඉදිරියෙන් සිටියි.එය ලෝක ජනගහනයෙන් 49.7%කි.යුරෝපය 17%කි.ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් 10.4%කි.අප්‍රිකාව 10.0%කි.උතුරු ඇමරිකාව 8.2%කි.මැද පෙරදිග 3.8කි.ඕස්ට්‍රේලියාව 0.7%කි.ලෝකය පුරා රැහැන් රහිත සන්නිවේදනයේ පැතිර යාම
කෙතරම් ද යන්න මේ තුළින් පැහැදිළි වෙි.
ලොව බිලියන ගණනක ජනතාව E mail,Chat,Blog,SMS,Podcasts,Wikis ආදිය හරහා පණිවිඩ විශාල
ප්‍රමාණයක් හුවමාරු කර ගනු ලබයි.ලොව පුරා කාන්තාවන් ද වැඩි වශයෙන් සයිබර් අවකාශයේ
කොටසක් වී ඇත.නූතනයේ facebook,friendfeed,myspace.com,doc stoc,twitter යනාදිය පිරිමි පක්ෂයට වඩා කාන්තාවන් පරිහරණය කරන බව සමීක්ෂණවලින් තහවුරු
වී ඇත.අන්තර්ජාලයේ ඇති දැවැන්ත හා විවිධාකාර අන්තර්ගතයන් හරහා ජාලකරණයට සම්බන්ධ වී
සිටින පුද්ගලයන්ට සැලසෙන සේවා රැසකි.
· අදහස් හුවමාරු කර ගැනීම
· අන්තර්ජාලය ඔස්සේ මිළට ගැනීම් සිදු
කිරීම
· රැකියාවක් සොයා ගැනීම
· ජනප්‍රිය වීමට හැකි වීම
· දැනුම ලබා ගත හැකි වීම
· වෛද්‍ය සේවා වැනි විවිධ සේවා ලබා ගත
හැකි වීම
· ලෝකයේ ම තොරතුරු හුවමාරු වීම
ආදිය ඉන් කිහිපයකි.
මේ සියල්ලෙන් පුද්ගලයාගේ ස්වාධීනත්වය තහවුරු
වීමක් අන්තර්ජාලය තුළින් සිදු වේ.එමෙන් ම අන්තර්ජාලය භාවිතය තුළින් විවිධ පිරිස්
සමග ගනුදෙනු කළ හැකි වීම,වෙනස් ආකල්ප සහ හැසිරීම් සිරිත්
විරිත් ඇති පුද්ගලයන් ඇසුරු කළ හැකි වීම,කාලය කළමණාකරණය කොට ගත හැකි වීම,විවිධ අරමුණු සපුරා ලීම,තම සජීවී ගති ලක්ෂණවලට සීමා නොවී සයිබර් අවකාශය
තුළ ද සංවාදයන් සිදු කළ හැකි වීම ආදිය තුළින් cyber culture එනම් සයිබර් සංස්කෘතිය හරහා cyber space අවකාශය වර්ධනය කිරීමත් විවිධ සථානවල සිටින විවිධ
සංස්කෘතික වටිනාකම්වලින් යුත් ස්ථාන,ද්‍රව්‍යමය හා බුද්ධිමය භාවිතයන් ,ආකල්ප,චින්තනය හා වටිනාකම් රැසකින් සමන්විත වේ.සියලු වර්ගයේ සන්නිවේදනයන්
සයිබර් සංස්කෘතික ක්‍රියාවලීන් විසින් ගෝලීය බෙදා හදා ගැනීම,බෙදා හැරීම,සමාජ ජාලකරණය,ප්‍රවාහනය,සමූහ සහයෝගීතාව සඳහා දිරිමත් කරනු ලබයි.
සඳරු වාසනා දිලුක්ෂි ඒකනායක, සාරංගා ලක්ෂ්මි,ලක්ෂ්මි මනෝජිකා
sandaruwasana.blogspot.com


Comments
Post a Comment