ගං වතුර
මේ දවස්වල අපේ රටේ කතාබහට ලක් වෙන දේ තමයි ගං වතුර.සොබාදහම පවා කුරිරු වෙලා අපට සිදු වෙලා තියෙන මේ මහා විනාශය දැක්කම හදවත උණු වෙලා යනවා.මිනිස් ජීවිත සහ දේපල විශාල සංඛ්‍යාවක් විනාශ කරමින් ගංවතුර දැනටමත් මහා සංහාරයක් කර අවසන්.ඉතින් මේ වගේ අවාසනාවන්ත ඉරණමකට අපේ රට මුහුණපාලා ඉන්න වෙලාවක කතාබහට ලක් කළ යුතුම යමක් තියනවා.මේ මිනිස්සු අද අන්ත අසරණ වෙලා.ජීවිත කාලයක් ම තමන් දුක් මහන්සි වෙලා හරි හම්බ කරපු දේවල් නැති වෙලා.තම දරුවො දෙමව්පියො නෑදෑයො අහිමි වෙලා.මේ අපේ රටේ අපේම මිනිස්සු.මේ වෙලාවෙ මේ මිනිස්සුන්ගේ දුක වේදනාව බඩගින්න තමන්ගෙ කරගෙන මනුෂ්‍යත්වයේ දෑත දිගු කරන්න මුළු රටම ඉදිරිපත් වෙලා.ලෝකයක් ම සුසුම් ගන්වන්න මේ තත්ත්වය හේතු වෙලා.ඒ මනුෂ්‍යත්වයට කෘතවේදී වන ගමන්ම වෙනස් සිතුවිල්ලකට යොමු වෙන්න පොළඹවන අගනා කවි පන්තියක් මෙසේ දැක්විය හැකියි.මෙය කවියා නම් කර තිබුනේ ම වෙනස් සිතුවිලි යන නමින් . අහසක් හැඬුවා හොඳටම පොලොවට රිදවපු දුකටම බුරුල් වෙලා කඳු බිඳගෙන කෝම්පිට්ටු ටික වහගෙන.... කැලයට කොළයට විණ කර කුඹුක් ලෑලි පය ගහගෙන අනිකට වැඩියෙන් උඩ ගිය ඇති නැති සේරම එක තැන ...