sunshine for life


           හැම කෙනෙක්ටම ජීවිතේ කවදහරි දවසක තමන්ගෙ ජිවිතේ ආලෝකමත් කළ අය ඉන්නවා.සමහර අය අහඹු විදියට අපිට හමු වෙනවා.සමහරු ජීවිත කාලෙම අපි එක්ක ඉන්නවා.හරියට ඉරක් වගේ.හිරු එළිය මුළු ලෝකෙම එළිය කරනව වගේ තමයි අපිට මේ ලෙස හමුවන අයත් සතුට සැනසීම ළඟා කරනවා.ඉතින් මේ blog එකෙන් මගේ වෑයමත් ඒකම තමයි.අපි හැමෝට ම විවිධ විදියෙ ප්‍රශ්න තියනවා.දුක් කරදර තියනවා.මේ හැමදේම මැද්දෙ අපේ හිත්වලට මහන්සියක් දැනෙනවා.ගතට වඩා හිතට මහන්සි දැනුනම අමාරුයි.stress කියල හැමෝම කියන්නෙ ඒකයි.ඉතින් රිදුණු තැවුණු ඒ වගේ හිත්වලට සිසිල් පැන් පොදක් ඉසිමින් මට දැනෙන අදහස් ඔබට කියන්නම්.
     මුලින් ම මම මගේ ජීවිතයට ආලෝකයක් ගෙන ආ උත්තමාවියකගෙන් පද අමුණන්න හිතුවා.ඒ තමයි මගේ අම්මා.අම්මා ගැන හැමෝම කියනව තමයි.ඒත් මගේ අම්මට උපහාරයක්  කරන්නයි මේ වෑයම.මට මගේ හිතට ප්‍රශ්නයක් වුණු හැම වෙලාවකම මගේ අම්මා ලොකු ශක්තියක් උනා.මට බෑ කියල හිතල දෙයක් අත හරින්න හදන හැම වෙලාවක ම මාව දිරිමත් කරල ඉස්සරහට යවන්න ඇප කැප වුණා.ඒ වගේම ඇගේ මුළු ජීවිතේ ම අපි වෙනුවෙන් කැප කළා.දැනුමින් අපිව පෝෂණය කළා වගේම අපි හොඳ මිනිස්සු කරන්නත් කැප වුණා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදර්ශමත්  කෙනෙක් ලෙස අපේ ජීවිත ආලෝකමත් කළා.අපි හැමෝගෙම අම්මල ඒ වගේ තමයි.ඉතින් මොන  දේ වුණත් මුලින් ම අම්මට කියන්න.ඒකෙන් හිතාගන්න බැරි තරම් ආශීර්වාදයක් ලැබෙනවා.ඒ වගේම අම්මල තනි වෙන්නෙත් නෑ අපි තනි වෙන්නෙත්නෑ.අපි තනිිිවෙලා හිටියොත් අපිට ඕනම දෙයක දි දැනෙන බර වැඩියි.පුන්චි වයසෙදි අපිට මොන දේ වුනත් අම්මේ කියල කිවුවම අම්ම මොන දේ තිබුණත් අපි වෙනුවෙන් හිටියනෙ.අදටත් ඒ බැඳීමෙන් ම ඒ මිනිස්සු අපේ ඇමතීම බලාපොරොත්තුවෙන් බලා ඉන්නව.ඉතින් අම්මාවරුන්ගේ දිනයකට සීමා නොවී මනුෂ්‍යත්වයෙන් සිත් පුරවා ගනිමු.ඒ සිතුවිලි ක්‍රියාවෙන් ඔප් නංවමු.එසේ ජීවිතයට හිරැ එළිය වෙමු.

Comments

Popular posts from this blog

සුපර්ණකාගේ කතාන්දරය