සයිබර් සංස්කෘතිය සහ සයිබර් අවකාශය අපි අන්තර්ජාලය කොතරම් භාවිතා කරනවද ? මේ අන්තර්ජාලය ඉතා කෙටි කාලයක් තුළ නිර්මාණය වෙලා අද වෙනකොට මුළු ලෝකය පුරාම තමන්ගේ අණසක පතුරාගෙන අවසන්....දිනෙන් දින තාක්ෂණය සමග අත්වැල් බැඳගන්න ලෝකයක ඒ පිළිබඳ විෂය පථයක් පවා නිර්මාණය වෙලා.නමුත් කොතරම් අන්තර්ජාලය හා සම්බන්ධ වුවත් ගොඩක් දෙනෙක් මේ අන්තර්ජාලය පිළිබඳ අවබෝධයෙන් තොරයි.විශේෂයෙන් ම ලංකාව වගේ රටක ඒ අනවබෝධය නිසා ම වෙන ප්‍රශ්න වැඩි වෙලා.ලෝකය පුරා සිදු කෙරෙන සමීක්ෂණවලින් කියවෙන ආකාරයට අපේ මේ බෞද්ධ රට අන්තර්ජාල භාවිතය තුළින් නරක නාමයක් ලබා ගෙන තියෙන්නෙ ඒ නිසා.නමුත් අපිට මේ පිළිබඳ මනා අවබෝධයක් අවශ්‍යයයි.අන්තර්ජාලය කියන්නෙ මොකක්ද ? මෙය නිවැරදි ව භාවිතා කරන්නෙ කොහොමද ? ඉතින් ඒ පිළිබඳ ව දැනුවත් කරන විෂය පථය තමයි සයිබර් සංස්කෘතිය කියන්නෙ.ආරම්භයක් ලෙස සිංහල භාෂාවෙන් සයිබර් සංස්කෘතිය සහ සයිබර් අවකාශය යනු කුමක්ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡාවට ලක් කරනු ලබනවා. cyber culture සහ cyber space යනු විවිධ උපාංග සමග සංයෝජනය කිරීමෙන් වැඩි දියුණු කරන ලද සන්නිවේද...