සුපර්ණකාගේ කතාන්දරය

💢
පි හැම කෙනෙක් ම හොඳින්  දන්න කතාවක් තමයි රාමායනය.මේ රාමායනයේ ගොඩක් දෙනෙක් දන්න කතාවට වඩා වෙනස් කතාවක් තමයි සුපර්ණකාංගය.සුපර්නිකා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි අපි කවුරුත් හොඳින් ම දන්න ලංකාවේ රාවණා රජුගේ නැගණිය.ඇය විරූපී යක්ෂ පෙනුමක් තිබූ තැනැත්තියක් ලෙසයි සඳහන් වන්නේ.මේ සුපර්ණකා දිනක් වනයේ සැරිසරන විට තාපසානුයෝගීව පසු වන රාම කුමාරයා ඇගේ නෙතට හසු වෙනවා.ඉතින් මේ රාම කුමරු පිළිබඳ සිත් පහළ කර ගන්නා සුපර්ණිකා ඉතාමත් සුන්දර වේශයක් මවා ගනිමින් රාම කුමරු ඉදිරියේ පෙනී සිට ඔහුගේ තතු විමසනවා.

ඔබ කවුරුන් ද?
කොහි සිට පැමිණි තැනැත්තෙක් ද?
මේ වනයේ කුමක් කරන්නෙහි ද? 
ආදී වශයෙන් විමසනවා.
එවිට රාම තමා රජ කුමරකු බවත් තම මලණුවන් වන ලක්ෂ්මණ හා ප්‍රියම්භිකාව වන සීතා සමග වනයේ කල් ගත කරන බව පවසනවා.මෙහි දී සුපර්ණකා තම තොරතුරු ද දක්වමින් සීතා හැර තමා සමග එක් වන ලෙස රාමට ආරාධනා කරනවා.නමුත් රාම ඇගේ ස්වරූපය අවබෝධ කොට  ගෙන ඇයව මුලා කිරීමට සිතා ලක්ෂ්මණ කුමරු තමාට වඩා කඩවසම් රූමත් තරුණයකු බැවින් ඔහු හා එක් වන ලෙස ඇයට යෝජනා කරනවා.රාමගේ බසට රැවටෙන සුපර්ණකා ලක්ෂ්මණ කුමරු වෙත ගොස් ඔහුව තම වසඟයට ගැනීමට තැත් කළ ද ඔහු ද ඇයව ප්‍රතික්ෂේප කර නැවත රාම වෙත ම යොමු කරනවා.නැවතත් රාම ඇයව ප්‍රතික්ෂෙප කළ විට ඔහු එසේ තමාට සළකන්නේ සීතා නිසා යැයි සිතා සීතාව බිය වද්දනු ලබනවා.මින් කෝපයට පත් වන ලක්ෂ්මණ කුමරු සුපර්ණකාගේ නහය සිඳිනු ලබන අතර ලේ වගුරුවමින් තම නියම යක්ෂ ස්වරූපයට පැමිණෙන සුපර්ණකා රාමට හා සීතාට සිය සොයුරා ලවා දඬුවම් ලබා දෙන බවට සපථ කරමින් පලා යනවා.ඉතින් මේ නාට්‍යාංගය ඉතා මනහර ලෙස රඟ දක්වනු ලබන වීඩියෝවක් අන්තර්ජාලයේ තිබිල හමු වුණා.ඉහතින් දැක් වෙන්නේ එම වීඩියෝවයි. 

Comments

Post a Comment

Popular posts from this blog

sunshine for life